දේශීය

කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දමයි

(UTV | කොළඹ) – කළුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොරෝනා ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම රෝගියා මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 පමණ පුද්ගලයෙකි.

එම වාට්ටුවේ සේවය කල වෛද්‍ය වරු ඇතුලු කාර්යමණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ නේවාසිකාගාරයේ දින 14 නිරෝධායනයට ලක් කර එහි සිටි රෝගීන් හෝමගම මූලික රෝහලට යොමු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

රට දියුණු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව, ජනතාව තේරුම්ගෙන තියෙනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

Editor O

කහ කිලෝ තොගයක් කල්පිටියෙන් සොයා ගනී

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සහ මිලියන 9 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment