දේශීය

කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දමයි

(UTV | කොළඹ) – කළුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොරෝනා ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම රෝගියා මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 පමණ පුද්ගලයෙකි.

එම වාට්ටුවේ සේවය කල වෛද්‍ය වරු ඇතුලු කාර්යමණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ නේවාසිකාගාරයේ දින 14 නිරෝධායනයට ලක් කර එහි සිටි රෝගීන් හෝමගම මූලික රෝහලට යොමු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

අත්‍යාවශ්‍ය ආහාර බෙදාහැරීමේ විශේෂ යාන්ත්‍රණයක් – වාණිජ බැංකු විවෘතව තබන්නැයි උපදෙස්

Mohamed Dilsad

පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට වාහනවල අළවා ඇති ස්ටිකර් වහාම ගලවන්න – මැතිවරණ කොමිෂමෙන් පොලීසියට නියෝග

Editor O

පෙත්සම ඉදිරිපත් කළ හේතුව ජෙරම්ගේ නීතිඥයා කියයි

Mohamed Dilsad

Leave a Comment