දේශීය

වයිබර් හා වට්ස්ඇප් නොමැති අයට ඖෂධ ලබාදෙන ආකාරය

(UTV | කොළඹ) –  රාජ්‍ය ඔසුසැල් වලට වයිබර් හා වට්ස්ඇප් හරහා ලැබෙන ඇනවුම් සදහා ඖෂධ නිකුත් කිරීම තැපැල් දෙපාර්තමේන්තුව හරහා මේ වනවිටත් සිදුකරනු ලබයි.

අද පෙරවරුවේ මේ සම්බන්ධයෙන් නිරික්ෂණය කිරීම සදහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණියේය.

මේ අතර ඖෂධ නිවෙස් වලටම බෙදාහැරීමේ වැඩසටහන යටතේ තංගල්ල මූලික රෝහලේ සායනිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඖෂධ ඊයේ ජංගම රථයක්ද යොද ගනිමින් නිවෙස් වලටම ගොස් ලබාදීමට එම රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගත්හ.

එමෙන්ම කොරෝනා ආසාදිතයින් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වූ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත සායනික ප්‍රතිකාර වලට පැමිණෙන ජනතාවගේ ඖෂධ තැපැල් මගින් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් බෙදාහැරීම අද දිනයේදී ආරම්භ කරනු ලැබුවේය.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි.

Editor O

තෙවැනි ඇසට හසුවූ සොරකම -CCTV

Mohamed Dilsad

අද දිනයේදීත් විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment