දේශීයප්‍රමුඛ පුවත 1

මාස 4 ක ළදරුවෙක් ඇතුළු එකම පවුලේ 5 කට කොරෝනා වැළදේ

(UTV | නාත්තන්ඩිය) – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසන ආකාරයට නාත්තන්ඩිය ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයාගේ පවුලේ තවත් සාමාජිකයින් 04 දෙනෙක්ට එම වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබේ.

මෙම පුද්ගලයා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහුගෙන් නිවැසියන් ට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී තිබේ.

මෙලෙස කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ එම පවුලේ සාමාජිකයින් අතර මාස 04 ක් වයසැති බිලිඳෙක් ද වන අතර විදෙස්ගතව සිට පැමිණි තැනැත්තාගේ බිරිඳ සහ ඔහුගේ දරුවන් දෙදෙනෙකු වෛරසයට ගොදුරුවූ අනෙක් අය වේ

Related posts

පළාත් කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

තරුණ යුවලක් පොල්ගොල්ල ජලාශයට පැන සිය දිවි නසා ගනී

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තිය නිසා ගම් දෙකක් වැසේ

Mohamed Dilsad

Leave a Comment