දේශීය

සියලුම සමෘද්ධි ලාභීන් සඳහා මුදල් දීමේ පළමු අදියර හෙටින් අවසන්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන්  සමෘද්ධි ලාභීන් වෙත ගෙවීමට තීරණය කළ රුපියල් දස දහසක සහනදායී ණය මුදලේ පළමු අදියර වන රුපියල් 5000 ක මුදල හෙට (31) දිනය වන විට සියලුම සමෘද්ධී ලාභීන් වෙත ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බව රජය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අශෝකා අලවත්ත මහත්මිය කියා සිටියේ විසි ලක්ෂයක් වූ සමෘද්ධී ලාභීන් වෙත මෙම ණය මුදල හිමිවන බවයි.

මේ අතර සමෘද්ධී ලාභීන් වෙත සහණ ණය මුදලක් ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර අප්‍රේල් 10 වනදා වන විට ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්ධුල තිලකසිරි මහතා කියා සිටියේය.

Related posts

චීනයෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණෙන පිරිස් විශේෂ පරීක්ෂණයකට

Mohamed Dilsad

ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිවේදනයක්

Mohamed Dilsad

බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment