දේශීය

ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක් අද අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ  ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡාවට ලක්වූ බවයි.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට නොහැකි වී සිටිනපුද්ගලයින්ට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ දැනට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳව පසු විපරම් සිදු කිරීම මෙන්ම බෙහෙත් ද්‍රව්‍ය සැපයීම පිළිබදව තැපැල් දෙපාර්තමේන්තුව හා සමගාමීව ආරම්භ කරනු ලැබූ නවතම වැඩපිළිවෙල පිළිබදව අවධානය යොමුකර තිබේ.

තවද දේශීය ආහාර නිෂ්පාදනය ඉහල නංවා ඉදිරි කන්නය වනවිට සහල්, එළවළු, මාළු, කුකුල් මස් වැනි ද්‍රව්‍යවලින් රට ස්වයංපෝෂිත කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කාර්ය සාධක බලකායේ අවධානයට ලක්ව ඇති බව සදහන්.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ සමෘද්ධීලාභීන්ට රුපියල් 5000 ක දීමනාව ලබාදීමේ ක්‍රියාවලියහෙට දිනය වන විට සම්පූර්ණ කිරීමට ද මෙහිදී අවධානය යොමුව ඇති බවයි.

Related posts

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (28) සවස

Editor O

ATM කාඩ්පත් මාරු කරන පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනතාවගේ දැඩි විරෝධය හමුවේ පනත් කෙටුම්පත් තුනක් තාවකාලිකව හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවෙයි

Editor O

Leave a Comment