දේශීය

චීනයේ සිට ජාතික ගුවන් සේවය වෛද්‍ය ආධාර රැගෙන එයි

(UTV |කොළඹ ) – ඊයේ (28) චීනයේ ෂැංහයි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවය, ජාතික මෙහෙවරක් ඉටුකරමින් සහ රජයේ ආරාධනය නැවත පිළිගනිමින්, වෛද්‍ය ආධාර තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ගුවන් සේවා සත්කාරය ලබාදෙන ලදී.

මෙම භාණ්ඩ තොගය චීනයේ ශ්‍රී ලංකා ප්‍රජාව විසින් ගුවැන්ෂු සහ ෂැංහයි හි ශ්‍රී ලංකා තානාපතිවරුන් වෙත සිදු කරන ලද පරිත්‍යාගයකි.

මේ සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පහසුකම් සපයන ලදී.

මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම්, ඇස් කණ්ණාඩි, මුහුණු ආරක්ෂණ ආවරණ, නෙබියුලයිසර්, ස්පන්දන ඔක්සිමීටර, උෂ්ණත්වමාන සහ ග්ලූකෝමීටර වැනි අත්‍යවශ්‍ය වෛද්‍ය භාණ්ඩ මෙම තොගයේ අඩංගු වූ අතර ඒවා වෛද්‍ය ප්‍රතිකාරසඳහා රජයේ රෝහල්වල බෙදා හැරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ට භාර දෙනු ඇත.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනා කීපයක්

Mohamed Dilsad

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිව්‍රරුම් දෙයි.

Editor O

කබ්රාල් ට පණවා ඇති විදෙස් ගමන් තහණම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment