දේශීය

මහියංගණයේ – ගිරාදුරුකෝට්ටේ නගරවල සියලු කඩ සාප්පු වසා දමයි

(UTV | මහියංගණය) – ඇඳිරි නීතිය ඉවත් කෙරුන ද අද (30) දිනයේ මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට පියවර ගත්බව මහියංගණ ප්‍රාදේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය.

මහියංගණ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුවේ තීරණය පරිදි එම තීරණය ගෙන තිබේ.

ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ වෙළෙදසැල් සියල්ල වසා ඇති බව සහ නගරයට නොපැමිණෙන ලෙස නිවේදනය කර ජනතාව දැනුවත් කළ බවද ලේකම්වරයා සඳහන් කළේය.

ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාව නගරයට එක් රොක් වීමෙන් ඇතිවන අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක් නාවිකයින්

Mohamed Dilsad

මහනුවර – බදුල්ල දුම්රිය 2ක් ධාවනයට

Mohamed Dilsad

Leave a Comment