දේශීය

රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

(UTV | ආරච්චිකට්ටුව) – දිවයින පුරා ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී නාවුක හමුදාවේ සෙබළුන්ගේ රාජකාරියට බාධා කළ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී නාවුක හමුදා සෙබඵන් පිරිසක් කරුකුපනේ ගම්මානය තුළ ජංගම මුර සංචාරයක නිරතවන අවස්ථාවේ එම ගම්මානයේ නිවසක් තුළ පිරිසක් රැස්වී සිටිනවා දැක නාවුක හමුදා සෙබළුන් ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට අවවාද කර ඇත.

එම අවස්ථාවේදී පැමිණ ඇති අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා නාවුක හමුදා සෙබළුන්ගේ රාජකාරියට බාධා කිරීම සිදු කර ඇති අතර , සිද්ධියට මුහුණ දුන් නාවුක හමුදා සෙබළුන් විසින් මේ බව ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිලි කර තිබේ.

ඉන්පසුව අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

Related posts

නාකොටික් නිලධාරියා සොයා පොලිසිය මහජන සහය පතයි [RELEASE]

Mohamed Dilsad

QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට රටපුරා

Mohamed Dilsad

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment