ගොසිප්

ලාංකිකයන් 5000කට කුවේටයෙන් පිට වන්නයි නියෝග..

(UTV |කුවේටය)  – වීසා නොමැති සියලුම ශ්‍රී ලාංකිකයන්ට රටින් පිටව යන ලෙසට කුවේට් රජය නියෝග කර තිබේ.

කුවේට් රාජ්‍යයේ වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් 5000 පමණ සිටින බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පවසයි.

කොවිඩ් 19 වෛරසය නිසා කුවේට් රජය මෙම තීරණය ගෙන ඇත.

වීසා නොමැති සියලු ශ්‍රී ලාංකිකයන්ට අනිද්දා (01) සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලයේ එරටින් පිට වන ලෙසට නියෝග කර තිබේ.

නමුත් ශ්‍රී ලංකාවට ගුවන්යානා පැමිණිම මේ වන විට අත් හිටුවා ඇත.

වීසා නොමැතිව කුවේට්හි සිටින ලාංකිකයන් පොදු සමා කාලය තුළ පිටව නොගියොත් අත්අඩංගුවට ගෙන ඔවුන් තම රටින් පිටුවහල් කරන බවද කුවේටය දැනුම් දීමක් කර ඇත.

වීසා නොමැති අය⁣ කුවේට් රජයේ රෝහල්වලට භාර නොගන්නා අතර පෞද්ගලික රෝහල්වලින්ද අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා නොදෙන බව තානාපති කාර්යාලය සදහන් කරයි.

Related posts

රවී කරු පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට සුදානම්

Mohamed Dilsad

ලොක් ඩවුන් අස්සේ ශෙෂාද්‍රි ප්‍රියසාද් විවාහ වෙයි

Mohamed Dilsad

උත්සව සමයෙන් පසු තත්ත්වය අවධානම්

Mohamed Dilsad

1 comment

Pradeep March 30, 2020 at 12:44 pm

මේ දැන් මොහොතේ තියෙන වාතාවරණය අනුව නම්, මේක අමුලික බොරුවක්.

ඇයි මිනිස්සු මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ.
එහෙත් ඒ රටේ ඉන්න ලංකාවේ අය බය වෙලාලු, මේ news එකට.
ඒ රටේ කිසිම කෙනෙක් එලියට බහින්නේ නැතිලු.
අත්‍යවශ්‍ය සේවාවන් පමනයිලු වැඩ කරන්නේ.
කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් නෑ කියලයි කිව්වේ.

Reply

Leave a Comment