දේශීයව්‍යාපාරික

වෙන්ටිලේටර් යන්ත්‍ර නිෂ්පාදනය සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහය

(UTV | කොළඹ) – කෘත්‍රීම ස්වසන යන්ත්‍ර හෙවත් ස්වසන සංවාතන යන්ත්‍රවල (වෙන්ටිලේටර්ස්)  සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා සහාය ලබාදෙන ලෙසට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය කර තිබෙන කෘත්‍රිම ස්වසන යන්ත්‍ර සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවැසීය.

ආසාදනයවී අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ට අවශ්‍ය සායනික කෘත්‍රිම ස්වසන යන්ත්‍ර නිෂ්පාදනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පී.ඩී.එස්. අශාන් සිසුවාට අවශ්‍ය පහසුකම් සිය ආයතනය මඟින් සලසා ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි.

එහි මූලික සාම්පලය සතියක කාලයක් ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වන බව ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය වසා දැමීම නිසා විකල්ප මාර්ග හඳුන්වා දෙයි

Editor O

පාසල්වල ශ්‍රේණි තුනක් හෙටින් ඇරඹේ

Mohamed Dilsad

රනිල් දිනවන්න ගම්පහ ආසනයේ පක්ෂ තුනක් ඒකාබද්ධ වැඩසටහනක

Editor O

Leave a Comment