දේශීය

ඉන්දියාවේ සිට පැමිණි ලාංකිකයන්ට සෞඛ්‍ය අංශය කල දැනුම් දීම

(UTV |කොළඹ) – අද (28) දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් ගෙන් දෙදෙනෙක් ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව හදුනා ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලාංකිකයින් වේ.

ඒ අනුව පසුගිය දින 14 තුල ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි පුද්ගලයින් තමන් පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව දැනුවත් කොට වහාම ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

යම් පුද්ගලයෙක්ට සිය නිවසේ ස්වයං නිරෝධායනය ලක් වීමට නොහැකි නම් ඔවුන්ට රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුලත් වීමට හැකි බව ඔහු කියා සිටියි.

ඉන්දියාවෙ චෙන්නායි නුවර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති නිසා ඒ හේතුවෙන් එහි සිට මෙරටට පැමිණි පුද්ගලයින් ස්වයං නිරෝධායනය වීම ඉතා වැදගත් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

විදුලිබල හිටපු සභාපති අද නැවතත් කෝප් කමිටුවට

Mohamed Dilsad

බදුල්ල මනාප ප්‍රතිඵලය

Editor O

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අල්ජසීරා රූපවාහිනිය සමග කළ සාකච්ඡාවේ උණුසුම් තැන්

Editor O

Leave a Comment