දේශීය

තැපැල් කාර්යාල විවෘත කර තබන්නැයි දැනුම් දෙයි

(UTV| කොළඹ) – ඇදිරිනීතීය ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හීදී අවම වශයෙන් දිනකට පැය දෙකක් සියලු තැපැල් ,උප තැපැල් කාර්යාල විවෘත කරන ලෙසට තැපැල්පතිවරයා විසින් සියලු තැපැල් ස්ථානයන්ට දැනුම් දී තිබේ.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතු වාහන සහ කාර්ය මණ්ඩලය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අනියුක්ත කරන්නැයිද  තැපැල්පතිවරයා දන්වා ඇත.

දිස්ත්‍රික් ලේකම්වරුන් ඉල්ලා සිටින්නේ නම් මෙහෙයුම් කටයුතු සඳහා තැපැල් කාර්යාල ද භාවිතයට ගත හැක.

මීට අමතරව  කොරෝනා වයිරස් පාලන කාර්ය සාධන බළකායෙන් ලැබෙන උපදෙස් පරිදි රජයේ රෝහල්වලල සායන මගින් නිකුත් කරන ඖෂධ රෝගීන් වෙත ගෙන යාමද ඔවුන පැවරෙන කාර්යන්ගෙන් එකකි.

Related posts

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

මැතිවරණය නිරීක්ෂණයට 10,000 කට ආසන්න පිරිසක්

Mohamed Dilsad

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් අදත් නෑ

Mohamed Dilsad

Leave a Comment