දේශීය

තැපැල් කාර්යාල විවෘත කර තබන්නැයි දැනුම් දෙයි

(UTV| කොළඹ) – ඇදිරිනීතීය ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හීදී අවම වශයෙන් දිනකට පැය දෙකක් සියලු තැපැල් ,උප තැපැල් කාර්යාල විවෘත කරන ලෙසට තැපැල්පතිවරයා විසින් සියලු තැපැල් ස්ථානයන්ට දැනුම් දී තිබේ.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතු වාහන සහ කාර්ය මණ්ඩලය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අනියුක්ත කරන්නැයිද  තැපැල්පතිවරයා දන්වා ඇත.

දිස්ත්‍රික් ලේකම්වරුන් ඉල්ලා සිටින්නේ නම් මෙහෙයුම් කටයුතු සඳහා තැපැල් කාර්යාල ද භාවිතයට ගත හැක.

මීට අමතරව  කොරෝනා වයිරස් පාලන කාර්ය සාධන බළකායෙන් ලැබෙන උපදෙස් පරිදි රජයේ රෝහල්වලල සායන මගින් නිකුත් කරන ඖෂධ රෝගීන් වෙත ගෙන යාමද ඔවුන පැවරෙන කාර්යන්ගෙන් එකකි.

Related posts

රංජන් ට සජබ හි නව තනතුරු

Mohamed Dilsad

පිටකොටුව ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

කන්ටේනර් 323 ට අදාළ විමර්ශන සඳහා පාර්ලිමේන්තු කාරක සභාවට විපක්ෂයේ සාමාජිකයන් නම්කරයි

Editor O

Leave a Comment