දේශීය

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් දැනුවත් කිරීමක්

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රි ලාංකිකයින් 7 දෙනෙකු ඉතාලිය තුළ සිටින්නේද යන්න මෙතෙක් එරට රෝහල්වලින් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මිට අමතරව ඉතාලියේ මෙසීනා හිදී 70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇතැයි පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තහවුරු කරන ලද නිල තොරතුරක් ලැබී නොමැති බව විදේශ සබඳතා අමාත්‍යංශය අවධාරණය කර තිබේ.

විදේශ කටයුතු අමාතයංශය සඳහන් කළේ ඊට හේතුව නව කොරෝනා වෛරසය ආසාදනය විමද යන්න පිළිබඳවද මෙතෙක් තහවුරු වි නොමැති බවයි.

Related posts

ජනපතිගෙන් ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් රැසක්

Mohamed Dilsad

ජා ඇල පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුව ලබාදුන් හේතුව

Mohamed Dilsad

මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තු රැස්වීම් වලට

Mohamed Dilsad

Leave a Comment