දේශීයප්‍රමුඛ පුවත 1

2019 වසර සඳහා වන මාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයි

(UTV | කොළඹ) –  2019 වර්ෂය සඳහා නිකුත් කරන ලද මාධ්‍ය හැඳුම්පතේ වලංගු කාලය මැයි 15 වන දා තෙක් දීර්ඝ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මින් පෙර එය මාර්තු 31 වන දින තෙක් වලංගු බව නිවේදනය කර තිබුණි.

උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙහි කාලය දීර්ඝ කර ඇති අතර ,
මෙයට අදාල ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව 2020 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුණුම්පත මෙතෙක් නොලැබී ඇති එහෙත් 2019 වර්ෂය සඳහා වලංගු වන ලෙස නිකුත් කර ඇති මාධ්‍ය හැඳුම්පත් දරන මාධ්‍යවේදීන්ට සිය මාධ්‍ය කටයුතු මෙම අවස්ථාවේ දී බාධාවක් නොමැතිව සිදු කර ගැනීමට මෙම පියවර ගෙන තිබේ.

Related posts

සමගි ජන බලවේගයෙන් දේශපාලන පක්ෂවල⁣ට ආරාධනාවක්

Editor O

නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි

Mohamed Dilsad

ඉන්දියාවට යන්න සුදානම් වූ ඉන්දීය ජාතිකයා මරුට

Mohamed Dilsad

Leave a Comment