දේශීය

හමුදාපති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

(UTV |කොළඹ) – මෙතෙක් පොලීසියට විස්තර ලබා දී නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ නොවූ තැනැත්තන් සිටීනම් වහාමා ලගම ඇති පොලිස්  ස්තානයේ ලියාපදිංචි වන ලෙස ඉල්ලීමක් කෙරේ.

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර ඇති බවයි.

එසේම සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් විසින් හදුනාගත් දස දහසක පමණ පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කිරීමට උපදෙස් ලබාදී තිබේ.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හා වැලිකන්ද මූලික රෝහලට අමතරව මුල්ලේරියාව හා හෝමාගම රෝහල් සැකකටයුතු වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනේ.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා බවට සැක කෙරෙන ගර්භණී කාන්තාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කර ඇත.

කොතලාවල වෛද්‍ය පීඨයේ දැඩි සත්කාර ඒකකය ද ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබයි.

Related posts

උදය ගම්මන්පිල ගැන, අතිරේක සොලිසිටර් ජනරාල් අභියාචනාධිකරණයට කරුණු කියයි

Editor O

ත්‍රිරෝද හා පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

බැසිල්ට ලොකු ආශාවක් ඇති වෙයි! ඊලඟ සැලසුම විමල් – උදය දෙසට

Mohamed Dilsad

Leave a Comment