දේශීයප්‍රමුඛ පුවත 1

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා යැයි සැක ගැබිණි මව්වරුන් වෙනුවෙන් වෙන්කරයි

(UTV| කොළඹ) – මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා ආසාදිත යැයි සැක කෙරෙන ගැබිණි මව්වරුන් සඳහා ද , කාසල් වීදියේ කාන්තා රෝහල ද ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත පවසයි.

මේ සියලු ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවද ඒ මහතා අවධාරණය කරයි.

හෝමගම මූලික රෝහල කොවිඩ් 19 සැකකරන පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීමට සූදානම් කර තිබේ. වොයිස් ඔෆ් ඇමෙරිකා ගොඩනැගිලි සංකීර්ණය යුද හමුදාවේ සහාය ඇතිව නවීකරණය කර ප්‍රතිකාර සඳහා සූදානම් කර ඇත.

මේ අතර කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ රෝහලේ ඇදන් 30ක් සහිත දැඩි සත්කාර ඒකකාය් සූදානම් කර තිබේ.

මීට අමතරව මුල්ලේරියාව රෝහල ද නවීකරණය කර ප්‍රතිකාර සඳහා සූදානම් කර තිබේ

Related posts

පොලිසියේ උසස් නිළධාරින් රැසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

රැඳවියන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් [VIDEO]

Mohamed Dilsad

අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට සති අන්තයේදී කොවිඩ් එන්තත්

Mohamed Dilsad

Leave a Comment