දේශීය

මුන්දලම පොලිසිය ඇතුළු ස්ථාන කීපයක් විෂබීජහරණයට ලක්කරයි

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් මුන්දලම පොලිසිය, අධිකරණ ශාලාව, මුන්දලම දිස්ත්‍රික් රෝහල සහ පුත්තලම බන්ධනාගාරය කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කර ඇත.

ඒ අනුව, මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් කළ ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය මගින් මෙම විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.

මෙහිදී එම ස්ථානයන්හි සියළුම පරිශ්‍රයන් ආවරණය වන පරිදි විසබීජහරණය කිරීම නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කරන ලද අතර, මහජනතාව ගැවසෙන මෙවැනි පොදු ස්ථානයන්හි විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් අඛණ්ඩව ක්‍රියාකරමින් සිටී.

Related posts

ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමට අදාළව 55, 285 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 218 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

අදත් සුළං සමඟ වැසි

Mohamed Dilsad

Leave a Comment