දේශීය

කුඩා දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

(UTV | කොළඹ) – සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කුඩා දැරියක් අපයෝජනයට ලක් කරන අයුරු දැක්වෙන වීඩියෝවට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන අප්‍රේල් මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම නියෝගය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දෙන ලදී.

සැකකරු ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් වන අතර එම පුද්ගලයා දැරියගේ ඥාතියෙකු වේ.

සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශණ සිදු කරයි.

Related posts

මැතිවරණ කොමිසමට ජනපතිගෙන් ලැබුණු උපදෙස් පැය 7 කට පෙර

Mohamed Dilsad

2025 වසරේ නිවාඩු දින මෙන්න

Editor O

එජාපයේ ජාතික ලැයිස්තුව ගැන අදත් සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment