දේශීය

පොහොට්ටු පක්ෂ මූලස්ථානය වසා දැමේ

(UTV|කොළඹ) – ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානය අද (20) සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

රජය විසින් රටේ උද්ගත වී ඇති තත්ත්වය මත කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම උදෙසා ගෙන ඇති කි‍්‍රයාමාර්ගවලට අනුකූලවෙමින් මෙම තීරණය ගෙන ඇති බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වේ.

මෙම කාලය තුළ පක්‍ෂ මූලස්ථානයේ සියළු අංශ වසා තැබෙන බවත්, මාධ්‍ය අංශය පමණක් සීමිත කාර්ය මණ්ඩලයක් යටතේ ජනතාව දැනුවත් කිරීමේ කාර්යය උදෙසා අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් කි‍්‍රයාත්මකව පවතිනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

ඇමති හර්ෂණගේ නමට ”ආචාර්යය” ඒකතු වුණ විදිය ජනාධිපතිට දුන් වාර්තාවෙන් හෙළිවේ.

Editor O

කොවිඩ් ආසාදිතව සිටි ලක්සල සභාපතිවරයා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මනුෂ්‍යත්වය හඳුනන නායකත්වය රටට ලබාදීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment