ගොසිප්

රත්නපුරයේත් කොරෝනා භියක්

(UTV |කොළඹ ) – පසුගිය 17 වැනි දින කොරෝනා රෝගය වැලඳී ඇති බවට තහවුරු කර ගත් රෝගියකු නිසා රත්නපුර නගරයට ආසන්නම ප්‍රදේශයක් වූ මුද්දුව ප්‍රදේශවාසීන්
බියට පත්ව තිබේ.

සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසන්නේ මේවන විට සැක සහිත රෝගීන් 25දෙනකු රත්නපුර රෝහලට ඇතුළත් කර නිරෝධායනයට ලක්කරමින් සිටින බවයි.

කොරෝනා වැළඳුනු පුද්ගලයා මැණික් ව්‍යාපාරයට සම්බන්ධ අයෙක් වන අතර ඔහු පසුගිය දිනවල රත්නපුරේ මැණික් ව්‍යාපාරික කටයුතු සිදු කරන අඹ ගහයට ප්‍රදේශයට හා තවත් ස්ථානයක අවමඟුල් ගෙදරකටත් ගොස් ඇති බවට හෙළිව ඇත.

එම කාලය තුළ ඔහු පුද්ගලයන් බොහෝ පිරිසක් සමඟ සම්බන්ධ වී කටයුතු කර ඇති බවටත් තහවුරු වී තිබේ.

ඒ නිසා මෙම රෝගය තවත් කිහිප දෙනකුට හෝ වැලඳී ඇති බවට හෝ වැලඳිය හැකි බවට විශ්වාස කරයි.
මේ අනුව සියලු සෞඛ්‍ය අංශ මේ පිළිබඳ පසු විපරම් සිදුකරමින් අවධානයෙන් කටයුතු කරමින් සිටිනවා.

මේ වනවිට රත්නපුර මහ රෝහලටත් සැක සහිත රෝගීන් 25දෙනකු ඇතුළත්ව නිරෝධායනයට ලක්කර සිටියි.

මේ වන විට ඕනෑම තත්ත්වයකට මුහුණදීමට රත්නපුර දිස්ත්‍රික්කයේ නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කර තිබේ .

ඒ අනුව ඇහැලියගොඩ රෝහලත් , නිවිතිගල මූලික රෝහලත්, බළන්ගොඩ රෝහලත් මේ සඳහා සූදානම් කර ඇත.

ඊට අමතරව යුද හමුදාව විසින් පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයත් මේ සඳහා අවශ්‍ය වුවහොත් යොදා ගැනීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

Related posts

මේදින වල බන්ධනාගාර රැඳවියන්ගෙන් වැඩිම ඉල්ලුම මොකටද?

Mohamed Dilsad

මේ ආණ්ඩුව ජනතාවට වස කවලා මිනී මරන්න හදනවා

Mohamed Dilsad

අගමැතිගේ පුතුන් තුන්දෙනා ඩුබායි ගිහින් ද?

Mohamed Dilsad

Leave a Comment