ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 70 ක හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

(උදයම්.කොළඹ)  –  නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනඒමට උත්සහකළ හෙරොයින් ග්රෑම් 708 ක් සමග විදේශිකයෙකු කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනේ.මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වන බව වාර්තා වෙයි.

අද අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි පකිස්ථාන ජාතිකයෙකු මෙලෙස හෙරොයින් ගෙනවිත් ඇති බව පොලිසිය පවසයි.

මෙමෙ පුද්ගලයා සිය යට ඇඳුම තුළ සගවාගෙන හෙරොයින් මෙරටට ගෙන ඒමට උත්සහගෙන ඇත.

ඔහු පිලිබඳ සැක සිතු ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් මෙම පාකිස්තාන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පාකිස්ථාන ජාතිකයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව වාර්තා වෙයි.

Related posts

ජනාධිපති කාල්ටන් පෙර පාසලට [VIDEO]

Mohamed Dilsad

ගෝඨාභයගේ අතුරු තහනම කල් යයි

Mohamed Dilsad

පිහි ඇනුමකින් සරසවි සිසුවියක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment