ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ අතුරු තහනම කල් යයි

(UTV|කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් නියෝග කළ අතුරු තහනම් නියෝගය කල් දැමීමට අධිකරණය තීරණය කරයි.
ඒ දෙසැම්බර් 15 වනදා දක්වාය.
අභියාචනාධිකරණ සභාපති එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණයේ සභාපති එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් පසුගිය දා මෙම අතුරු තහනම්  නියෝගය නිකුත් කර තිබුණි.
එය අද(06) දිනය දක්වා බලපැවැත්වුණි.
අදාළ පෙත්සම අද යළි කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය විරෝධතා ඇත්නම් අද දිනයේ ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දී තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැඳුනුම්පත ගන්න අද සිට රුපියල් 100ක්

Mohamed Dilsad

2014 වසරේ ගංජා ප්‍රවාහනය කල සැකකරුට ලක්ෂ දෙකක දඩයක්.

Mohamed Dilsad

අමාත්‍ය ධුර ඉල්ලු බවට වන වාර්තා රාජිත ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment