දේශීය

මැතිවරණ කොමිසමේ නිළධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර අද සාකච්ඡාවක්

(UTV | කොළඹ) –  ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්තවීමත් සමඟ මහමැතිවරණයට ඉන් බලපෑමක් එල්ලවේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් අද (16) පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු ඊට සම්බන්ධ නිලධාරීන් එක්වීමට නියමිතය.

මීට අමතරව මැතිවරණ කොමිසන් සභාවද අද රැස්වීමට නියමිත අතර , අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් මහමැතිවරණයේ ඇප මුදල් හෝ නාමයෝජනා භාරගැනීම සිදු නොකරන බව මැතිවරණ කොමිසම් සභාව දැනුම් දෙයි.

Related posts

සියලු විහාරස්ථානවල මහා සංඝරත්නයට රජයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ට මාස දෙකක වැටුප් හා අප්‍රේල් මාසයට අතිකාල දීමනා

Editor O

මැනිං වෙළඳපොළට එළවළු රැගෙන ඒම දින 3කට සීමා කිරීමට යයි

Mohamed Dilsad

Leave a Comment