දේශීය

මැතිවරණ කොමිසමේ නිළධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර අද සාකච්ඡාවක්

(UTV | කොළඹ) –  ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්තවීමත් සමඟ මහමැතිවරණයට ඉන් බලපෑමක් එල්ලවේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් අද (16) පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු ඊට සම්බන්ධ නිලධාරීන් එක්වීමට නියමිතය.

මීට අමතරව මැතිවරණ කොමිසන් සභාවද අද රැස්වීමට නියමිත අතර , අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් මහමැතිවරණයේ ඇප මුදල් හෝ නාමයෝජනා භාරගැනීම සිදු නොකරන බව මැතිවරණ කොමිසම් සභාව දැනුම් දෙයි.

Related posts

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය : කෝටිපති ව්‍යාපාරිකයාට හා පුතාට ඇප

Mohamed Dilsad

ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

Mohamed Dilsad

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment