දේශීය

සති දෙකක් යන තුරු සමුහ රැස්වීම් තහනම්

(UTV | කොළඹ) – අද (14) සිට සති දෙකක් යන තුරු විශාල වශයෙන් ජනතාව ඒකරාශී වන සමුහ රැස්වීම් පැවැත්වීම තහනම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

කොරොනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානම අවම කිරීම සඳහා රජය මෙම තීරණයට එළඹුන බව අමාත්‍යවරිය පැහැදිලි කළේය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරිය මේ බව පැවසීය.

විශේෂයෙන් විශාල වශයෙන් ජනතාව රැස්වන උත්සව රැස්වීම් වැනි අවස්ථා සඳහා පොලිස් අවසරය ලබා නොදෙන බවද අමාත්‍යවරිය පැවසීය.

Related posts

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ලිට්‍රො ගෑස් සමාගමට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

කුරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment