දේශීය

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාරක අනතුරක්

(UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ 11 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය සඳහන් කරන ආකාරයට අද (14) අලුයම 2 යි 30 ට පමණ පින්නදූව පිවිසුමෙන් ඇතුලු වී කොළඹ දෙසට ධාවනය වූ ලොරියක් එම දෙසටම ගමන් කල වෑන් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුලු 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Related posts

බස්නාහිර සිදුකළ විශේෂ මෙහෙයුමකින් 900 කට අධික පිරිසක් අත්ඩංගුවට

Mohamed Dilsad

කොරෝනා මැඩලන්න රනිල්ගෙන් කොන්දේසි විරහිත සහයෝගය

Mohamed Dilsad

එජාප නායකත්වය ගැන අවසන් තීන්දුව ලබන සිකුරාදා

Mohamed Dilsad

Leave a Comment