දේශීය

විදේශිකයන්ට හෙට සිට තාවකාලිකව වීසා අත්හිටුවයි

(UTV | කොළඹ) – විදේශිකයන් ගුවන් තොටුපළට පැමිණිමේ දී නිකුත් කරන වීසා අත්හිටුවීම හෙට (14) දහවල් 12.00 සිට ක්‍රියාත්මක වන බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

විදේශ සබඳතා අමාත්‍යංශය කියා සිටියේ එහෙත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හිමි අයට එම නියමයන් අදාළ නොවන බවයි.

ඒ අනුව සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් සහිත ඕනෑම විදේශිකයෙකුට මෙම පහසුකම ලබාගැනීමට හැකි නොවන අතර මෙරටට පැමිණීමට අපේක්ෂා කරන විදේශිකයන් ඉලෙක්ට්‍රොනික වීසා වෙබ් අඩවියෙන්, ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් වීසා අයදුම් කල යුතු වෙයි.

සිංගප්පූරුව, සීශෙල්ස් සහ මාලදිවයිනේ පුරවැසියන්ට මෙම නියෝග අදාළ නොවන බවද අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත්  සඳහන්.

 

Related posts

දැදුරු ඔය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිත මහා ගංවතුර අවධානමක්…?

Editor O

හිටපු මුදල් ඇමති මහ බැංකු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටී[LETTER]

Mohamed Dilsad

”නිකන් සිල්ලර විසඳුම් දෙන්න එපා” – විපක්ෂ නායක

Mohamed Dilsad

Leave a Comment