දේශීයප්‍රමුඛ පුවත 1

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ අවසන් තීරණය අද

(UTV | කොළඹ) –  අද (09) දිනයේ සමගි ජන බල වේගය සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව එම සන්ධානයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද පෙරවරුවේ ඔහු පෙන්වාදෙන්නේ සමගි ජනබලවේගය සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරිමට බලාපොරොත්තු වන බවයි.

නිට්ටඹුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේය.

කෙසේවෙතත් කෘත්‍යාධීකාරි මණ්ඩලයේ දි නව සන්ධානයක් බිහිකිරිමට අනුමැතිය හිමි නොවු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ශයේ විශාල පිරිසක් සමගි ජනබලවේගය සමග එක්ව සිටින බව එම සන්ධානයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

Related posts

විද්යුත් වීසා නිකුත් කිරීම විදේශ සමාගම් දෙකකට ලබාදීම ට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්

Editor O

කොච්චිකඩේ ප්‍රදේශයේ පිපිරීමක්

Mohamed Dilsad

සිමෙන්ති කොට්ටයක මිල 93 කින් ඉහළ නංවයි

Mohamed Dilsad

Leave a Comment