දේශීයප්‍රමුඛ පුවත 1

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ අවසන් තීරණය අද

(UTV | කොළඹ) –  අද (09) දිනයේ සමගි ජන බල වේගය සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව එම සන්ධානයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද පෙරවරුවේ ඔහු පෙන්වාදෙන්නේ සමගි ජනබලවේගය සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරිමට බලාපොරොත්තු වන බවයි.

නිට්ටඹුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේය.

කෙසේවෙතත් කෘත්‍යාධීකාරි මණ්ඩලයේ දි නව සන්ධානයක් බිහිකිරිමට අනුමැතිය හිමි නොවු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ශයේ විශාල පිරිසක් සමගි ජනබලවේගය සමග එක්ව සිටින බව එම සන්ධානයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

Related posts

ඩෙංගු ගැන සාවද්‍ය තොරතුරු සමාජගතවීම වැළැක්වීම සඳහා විශේෂ අවධානයක්

Editor O

ග්‍රාමීය දරුවන්ට, ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරමින් ලෝක රැකියා වෙළඳපොලට යොමුවීමට හැකි අධ්‍යාපනයක් නිර්මාණය කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරාවිද ? – නාමල් රාජපක්ෂ 

Editor O

මෝදර පොලිස් වසමේ මාවත් කිහිපයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment