ව්‍යාපාරික

නිදහස් වෙළද කලාප සේවකයන්ගේ සුබ සාධන කටයුතු පුළුල් කෙරේ

(UTV | කොළඹ) –  නිදහස් වෙළද කලාප තුළ සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් ආයෝජන මණ්ඩලය ක්‍රියාත්මක කරන සුබ සාධන වැඩසටහන් තවදුරටත් පුළුල් කරන ලෙසට විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි.

ඒ අනුව දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති වලට අමතරව නව ව්‍යාපෘති හදුනාගෙන ඒවා ක්‍රියාත්මක කරන ලෙසට ද අමාත්‍යවරයා උපදෙස් ලබාදෙයි.

දිවයින පුරා නිදහස් වෙළද කලාප 15 ක් පිහිටා ඇති අතර ඉන් 05 ක්ම පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය තුළයි. කටුනායක, බියගම, මීරිගම, අත්තනගල්ල මල්වත්ත හා වතුපිටිවල මෙම නිදහස් වෙළද කලාප පිහිටා තිබේ.

කටුනායක, බියගම හා මාවතගම ආයෝජන ප්‍රවර්ධන කලාප වල දැනටමත් එම සේවක සේවිකාවන්ගේ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. මේ වසරේ දී වතුපිටිවල, කොග්ගල හා පල්ලෙකැලේ කලාප වල නව දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතය.

නිදහස් වෙළද කලාප වල ව්‍යවසායකයන්ගේ හා සේවකයන්ගේ ආරක්ෂාව සදහා ජපානයෙන් නව ගිනි නිවන රථ 08 ක් ආනයන කිරීමට ද ආයෝජන මණ්ඩලය කටයුතු යොදා ඇත.

නිදහස් වෙළද කලපෙ වල සේවය කරන සේවක සේවිකාවන්ගේ සුබ සාධන කටයුතු විධිමත් ව සිදු වන්නේදැ යි සොයා බැලීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ පිළිබද ව ආයෝජන මණ්ඩලය විශේෂ අවධානය යොමු කර ඇති බව ද පෙන්වා දුන්නේය.

Related posts

කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමට සූදානම්

Mohamed Dilsad

ආර්ථික වර්ධන සියයට 2.9% වැටේ – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Editor O

ඇමරිකානු GSP බදු සහනය නැවත වරක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment