දේශීය

කොරියාවේ සිට පැමිණි පියා සහ පුතු කොරෝනා යැයි සැක පිට බදුල්ලේ රෝහලට

(UTV | කොළඹ) – කොරෝනා රෝගය වැළදුණු බවට සැකකරන පියපුතු දෙදෙනෙකු අද (4) අලුයම බදුල්ල මහ රෝහලේ විශේෂ වාට්ටුවටට ඇතුළත් කර ඇතයි බදුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි.

බණ්ඩාරවෙල හීල්ඔය අම්පිටිය පදිංචි වයස අවුරුදු තිස් එකක පියෙකු සහ වයස අවුරුදු හතක පිරිමි දරුවකු මෙසේ කොරෝනා රෝගය වැළදුණු බවට සැක පිට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම දෙදෙනා ඉකුත් පෙබරවාරි මස 27 වන දින දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ බණ්ඩාරවෙලට පැමිණ ඇති අතර නිවසට පැමිණීමෙන් පසු කොරෝනා රෝග ලක්ෂණ මතුවීමත් සමඟ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත් UTV ප්‍රවෘත්ති අංශය රෝහල් කාර්ය මණ්ඩලයෙන් කළ විමසීමකදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ පියා සහ පුතු දෙදෙනා රෝහල් ගත කර තිබුනද රෝගය වැළඳී ඇතැයි සැක කරනුයේ පුතාට පමණක් බවයි.

Related posts

අගමැති ලබන 7 වනදා ඉන්දීය නිල සංචාරය සඳහා පිටත් වෙයි

Mohamed Dilsad

ඇමෙරිකා ඉළක්ක වෙත ඉරානය ගුවන් ප්‍රහාර අරඹයි. ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බාධා

Editor O

ජනරජ පෙරහැර අද පස්වරුවේ

Mohamed Dilsad

Leave a Comment