දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන්

(UTV | ඉතාලිය) – කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙම කාන්තාව රැක බලා ගත් ඉතාලි ජාතික කාන්තාවකට මුලින් වෛරසය ආසාදනය වී ඇති අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඉන් පසුව බව අනාවරණය වී තිබේ.

ඇය මේ වන විට ඉතාලියේ බ්‍රේෂියා(Brascia) ප්‍රදේශයේ පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පිටි මිල යළිත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

මහවිරු සැමරුම තහනම් කරමින් අධිකරණ නියෝග

Mohamed Dilsad

ඇමරිකා රජයෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඩොලර් මිලියන 19ක තෑග්ගක්

Editor O

Leave a Comment