දේශීය

සුදුසුකම් ලැබූ සියලු උපාධිධාරීන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන්

(UTV | කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට සුදුසකම් සපුරා ඇති 42,000ක් සඳහා පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ ඇති බවරජය පවසයි.

මේ සඳහා රැකියා ඇයැදුම්පත් 70,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණි.

ඉන් 56,000ක් නිවැරදිව සම්පූර්ණ කර තිබී ඇති අතර ඒවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඇතුළු ආයතන කිහිපයක පරීක්ෂණයට යොමු කර ඇත.

ඒ අනුව උපාධිය හෝ ඩිප්ලෝමා සහතිකය හෝ සහිතව මූලික සුදුසුකම් සපුරා ඇතත් දැනුම් දුන් මූලික නිර්නායක සපුරා නොතිබූ ඉල්ලුම්පත් රැසක් ප්‍රතික්ෂේප වී තිබේ.

අ අනුව අවසානයේදී අයදුම්පත් 42,000ක් තෝරා ගෙන ඇති අතර ඔවුන්ගේ පත්වීම් ලිපි සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් ලැබීමට සළස්වා ඇත.

අද පස්වරුව වන විට සුදුසුකම් ලැබූ සියලු අපේක්ෂකයන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන් කිරීමට නියමිතය.

 

Related posts

ආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිගෙන් Road map

Mohamed Dilsad

ජීවන්ත පීරිස් පියතුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

ආනයනික අර්තාපල් බද්ද ඉහළට

Mohamed Dilsad

Leave a Comment