විදෙස්

ඉන්දියාවේ අධිකරණ මහේස්ත්‍රාත්වරුන් 2 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඉන්දියාවේ නවදිල්ලි හි දිස්ත්‍රික් අධිකරණ මහේස්ත්‍රාත්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ 2013 වසරේ සිට ව්‍යාජ ලිපි ලේඛන පදනම් කරගනිමින් මුදලට ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යංශය සිදුකළ මෙහෙයුමක දි අදාළ මහේස්ත්‍රාත්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් දෙදෙනාට එරෙහිව නවදිල්ලි අධිකරණය හමුවේ ගිනි අවි බලපත්‍ර නිතීය යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වදිසුරටත් සඳහන් කරයි.

Related posts

දිල්ලියේ රෝහල්වල ඔක්සිජන් හිඟය උග්‍ර අතට

Mohamed Dilsad

උතුරු කොරියා – ඇමෙරිකා සාකච්ඡා වලට බාලගිරි දෝෂයක්

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment