දේශීය

ෂැංග්‍රිලා හෝටල් බෝම්බකරුගේ පියා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන 13 වන දා තෙක් යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියම කර තිබේ.

අද (28) රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද අදාළ බෝම්බකරුගේ පියා වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් හය දෙනෙකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග හමුවට යළි ඉදිරිපත් කළේය.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරමින් පවතින බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකරුවන් ලබන 13 වන දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියම කළේය.

Related posts

වැඩබලන පොලිස්පතිට නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 20 ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Mohamed Dilsad

ඡායාරූප ප්‍රදර්ශණය කළ හැක්කේ අපේක්ෂකයාගේ වාහනයේ පමණයි

Mohamed Dilsad

Leave a Comment