දේශීය

මහින්ද දේශප්‍රියගෙන් මාධ්‍ය ආයතන වලට ඉල්ලීමක්

(UTV | කොළඹ) – එළඹෙන මහා මැතිවරණයේදී සිය  සිදුකිරීම සඳහා දේශපාලන පක්ෂ අපෙක්ෂකයින්ට සහනයක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මේ බව පැවසුවේ රත්නපුරයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ අනුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඔවුන්ගේ පාරිභෝගිකයන් වන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ගෙන් වෙනත් දැන්වීම්වලදී ගන්නා මුදල වැඩි නොකරන ලෙසත් හැකි නම් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතුවලට සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙසත් මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් 8 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

රජයේ ගබඩාවලින් වී අතුරුදන්වූ අයුරු සෙවූ වාර්තාව ඇමති අතට

Mohamed Dilsad

ඇඳිරි නීතිය සංශෝදනය කෙරේ [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment