දේශීය

චීනයෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණෙන පිරිස් විශේෂ පරීක්ෂණයකට

(UTV | කොළඹ) – චීනයෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණි දහසකට අධික පිරිසක් මේ වනවිට සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.

ඔවුන් රැඳී සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාර්ගයෙන් මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවත් , ඔවුන්ට කොරෝනා රෝග ලක්ෂණ පහළ වුවහොත් කඩිනමින් ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

දකුණු කොරියාවේ සිට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පැමිණේ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන්ද විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මාතර ශිෂ්‍යත්ව අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

අලුත් ආණ්ඩුවෙන් ඉරාජ්ට ලැබුණු තනතුර

Mohamed Dilsad

මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment