දේශීයප්‍රමුඛ පුවත 1

MCC ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවයි

(UTV | කොළඹ) – ජාතියේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) කොළඹ පැවැත් වෙන කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසුවේය.

ඔහු පැවසුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අහිතකර වගන්ති මෙම ගිවිසුම තුළ අන්තර් ගත වී තිබීම හේතුවෙන් අතුරු කමිටුව විසින් මෙම තීරණය ගත් බවයි.

එම කරුණු නම්,

1. විනිවිඳභාවයෙන් තොරව ප්‍රසිද්ධියේ මහජනතාවට දැන ගත හැකි ආකාරයෙන් අත්සන් කිරීමට කටයුතු නොකිරීම.

2. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ පවතින නීති පද්ධතියට අහිතකර වගන්ති මෙම ගිවිසුමේ අන්තර් ගත වි තිබීම.

3. ජාතික ආරක්ෂාවට හා ජාතික, ආර්ථික හා සමාජීය මෙන්ම සංස්කෘතික කටයුතුවලට අහිතකර බලපෑම් ගෙන දිය හැකි වගන්ති එහි ඇතුළත් වීම.

4.රටේ ස්වෛරීත්වය , ස්වාධීනත්වය හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් පැවතීම.

මෙම කරුණු කීපයක් හේතුවෙන් මෙම ගිවිසුම අත්සන් නොකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව තීරණය කර බව බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කුරුණෑගල ගමකට සංචරණ සීමා

Mohamed Dilsad

“ශ්‍රී ලංකාවේ පාකිස්තාන බෞද්ධ සංචාරක ව්‍යාපාරය සඳහා ඇති අවස්ථා සහ අභියෝග” පිළිබඳ අන්තර්ජාල සාකච්ඡාව

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment