ගොසිප්

ඇමති ඇමැති එස් එම් චන්ද්‍රසේනගෙන් රාජ්‍ය නිලධාරීන්ට අල්ලසක්ද?[LETTER]

(UTV |අනුරාධපුරය) – පසුගිය ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට කළ කැප කිරීම අගයමින් නිලධාරීන්ගේ නිල නිවාස වල කාමර නොමිලේ වායුසමීකරණය කර දීමට ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා සූදානම් වේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද(28) දිනයේ පැවැත්වෙන බවට අදාළ නිලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව මෙම ලිපිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් වෙත යවා ඇත.

මෙම ලිපිය මේ වනවිට සමාජ ජාලවල සංසරණය වන අතර ඊට අමාත්‍ය එස් එම් චන්ද්‍රසේනට දැඩි විවේචන එල්ල කෙරේ.

Related posts

සත්‍ය තත්ත්වය අවබෝධ කරගන්නා ලෙසට චන්ද්‍රිකාට දයාසිරිගෙන් ලිපියක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය ගැන තීරණය අද PCR වාර්තාවල ප්‍රතිඵලවලින් පසුව

Mohamed Dilsad

පෞද්ගලික අංශයට රැකියා අහිමිවීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment