ව්‍යාපාරික

උපරිම මිලට ළූණු අලෙවිකරන වෙළඳුන් වැටලීම් අද සිට

(UTV | කොළඹ) – රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට පටහැනිව ලොකු ළූණු අලෙවිකරන වෙළඳුන් පිලිබඳ සිදුකරන වැටලීම් අද (27) සිට ආරම්භ කර බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

දිවයින පුරා දීප ව්‍යප්තව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් හා පොලීසිය එක්ව මෙම වැටලීම් සිදුකරන බව එහි පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩර මහතා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලොකු ළූණු කිලෝවක් සඳහා නියම කර ඇති රුපියල් 190 ක උපරිම සිල්ලර මිලට පටහැනි ඉහළ මිල ගණන් යටතේ ලොකු ළූණු අලෙවි නොකරන ලෙස වෙළඳුන් දැනුවත් කර ඇති බවයි.

Related posts

සූර්ය බල විදුලිය උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි – බලශක්ති අමාත්‍යංශය

Editor O

ආනයනික වාහන ගැන තොරතුරු දැන ගන්න ඇප් එකක්

Editor O

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

Mohamed Dilsad

Leave a Comment