දේශීය

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් 156ක්

(UTV | කොළඹ) – ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරී යයි තමා අපේක්ෂා කරන බවත් එසේ වුවහොත් මහාමැතිවරණය අප්‍රේල් මස 22 දිනෙන් පසු මැයි මස 04 වනදා හෝ ඊට පෙර පැවැත්වීමට සිදු වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඊයේ (26) මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙහි අවසන් තීරණය ගැනීමේ බලය ව්‍යවස්ථානුකූලවම හිමිව ඇත්තේ ජනාධිපතිවරයාට බවයි .

පිළිගත් දේශපාලන පක්ෂ 70 කින් මේ වන විටත් 64ක් පිළිගෙන ඇති අතර නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අදාලව අයදුම්පත් 156 ක් මැතිවරණ කොමිසමට ලැබී ඇති බව සඳහන්.

තවද නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සදහා ඉදිරිපත්ව ඇතී අයදුම්පත් පිළිබද අවසන් තීරණය ඉදිරි මහ මැතිවරණයට පෙර ගැනීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළියක්

Mohamed Dilsad

තොග නැතිව ගෑස් බෙදාහැරීම නවතී

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයෙන් මාලිමාව පසුබායි : විපක්ෂ කණ්ඩායම්වල ජන ප්‍රසාදය ඉහළට

Editor O

Leave a Comment