දේශීය

ගුරු විදුහල්පති වර්ජනය අතරතුර සිසුවෙකු දියේ ගිලී මරුට

(UTV|ගාල්ල) -ගුරු වර්ජනය හේතුවෙන් වේලාසන පාසැලෙන් ආ සිසුවෙක් දියේ ගිලී මිය යාමේ පුවතක්  බද්දේගම ප්‍රදේශයෙන් වාර්තා විය.

බද්දේගම ක්‍රිස්තුරාජ විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා අද උදෑසන පාසලට ගොස් යළි නිවසට පැමිණ ඇත්තේ ගුරුවරුන් පාසලේ නොමැති වීම හේතුවෙනි.

පසුව මිතුරන් සමඟ හැන්නැලිය ප්‍රදේශයේ දිය නෑමට ගොස් ඇති ඔහු දියේ ගිලී මියගොස් ඇත.

මෙම දරුවාගේ පියා වඳුරඹ මාබොටුන විද්‍යාලයේ විදුහල්පතිවරයා වන අතර ඔහු සිද්ධිය සැල වූ  සැනින් එහි ගොස් තිබේ.

ඔහු ද අද අසනීප නිවාඩු ලබාගෙන තිබුණ ද දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසලේ රාජකාරී කරමින් සිටි බව වාර්තා වේ.

Related posts

රෝහිතගේ බෑනාට ඇප

Editor O

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට ජීවන් ත්‍යාගරාජා

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 626ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment