දේශීය

පලාලි ගුවන්තොටුපල සංවර්ධනයට ඉන්දියාව සමඟ කඩිනමින් ගිවිසුම්

(UTV |කොළඹ)  – යාපනය – පලාලි ගුවන් තොටුපල වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාව සමඟ කඩිනමින් ගිවිසුම් අත්සන් කිරීමට සැළසුම් කෙරේ.

ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ යාපනය පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 300ක ආධාරයක් ලබාදීමට එකඟ වී ඇති බවයී.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් මණ්ඩලයද අනුමැතිය ලබාදී ඇති බවයි.

ඒ අනුව එම ආධාර මගින් සැහැල්ලූ ගමන් මළු හැසිරවීමේ පද්ධතිය, පිටත්වීමේ පාලන පද්ධතිය, ජල සම්පාදනය, අපජලය ප්‍රවාහනය කිරීමේ පද්ධතිය යන අංශ සකස් කිරීමටයි යෝජනා වී තිබේ.

Related posts

2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කෙරේ

Mohamed Dilsad

ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ජාතික භෞතික සැලැස්මක්

Mohamed Dilsad

‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදි

Mohamed Dilsad

Leave a Comment