දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයේ හදිසි ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසන ආකාරයට කැලණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මඟින් බෙදා හැරෙනු ලබන ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක,සීදුව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

කැලණිය , වත්තල , බියගම , මහර , දොම්පේ සහ ජා ඇල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවා තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ජලසැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පැවසුවේය.

එම බිඳ වැටීම යථාතත්වය පත්කරන තුරු ජල සැපයුම් ලබාදීමටනොහැකි බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

මේ වසරේ ගත වූ කාලය තුළ මාරක රිය අනතුරුවලින් 713ක් මියගිහින්

Editor O

අයහපත් කාලගුණයෙන් සිදුවන මරණ සහ අතුරුදන්වීම් ඉහළට

Mohamed Dilsad

අද සිට මාකුඹුර සිට නව සුඛෝපභෝගී බස් සේවාවක්

Mohamed Dilsad

Leave a Comment