දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයේ හදිසි ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසන ආකාරයට කැලණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මඟින් බෙදා හැරෙනු ලබන ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක,සීදුව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

කැලණිය , වත්තල , බියගම , මහර , දොම්පේ සහ ජා ඇල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවා තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ජලසැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පැවසුවේය.

එම බිඳ වැටීම යථාතත්වය පත්කරන තුරු ජල සැපයුම් ලබාදීමටනොහැකි බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරීමට අවධානය

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය ලැබුණු හැටි….

Editor O

අලුත් අමාත්‍ය මණ්ඩලයේ නාම ලේඛනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරයි. (ගැසට් පත්‍රය මෙතනින්)

Editor O

Leave a Comment