දේශීය

තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි

(UTV | කොළඹ) –  මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු 26 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (20) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ දුරකතන 500 ක පමණ විශ්ලේෂණ වාර්තා සසඳමින් පරීක්ෂණ කටයුතු සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව සිද්ධියේ සැකකරුවන් දෙදෙනකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන අයගේ අසනීප තත්ත්වය හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටින බවට ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේය.

Related posts

මනූෂ වෙනුවට බන්දුලලාල් – හරින් වෙනුවට ජාතික ලැයිස්තුවෙන් එන්නේ කවුද..?

Editor O

ඇමෙරිකාවෙන් පැනවූ තීරු බද්ධ තව දුරටත් අඩු කර ගැනීමට ආණ්ඩුව උපක්‍රමශීලීව කටයුතු කළ යුතුයි – නාමල් රාජපක්ෂ

Editor O

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment