දේශීය

බිළිඳියන් දෙදෙනෙකුගේ සිරුරු නුවරඑළියෙන් සොයාගැනේ

(UTV | කොළඹ) –  දිනක් පමණ වයසැති ගැහුණු බිළිඳු මළ සිරුරු දෙකක් නුවරඑළිය පොලිස් වසමේ නේස්බි වත්තේ පීඩෘ කොටසේ ක්ෂේත්‍ර අංක 11 හි තිබී හමුව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (18) පෙරවරුවේ 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් නුවරඑළිය පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුරු සොයාගෙන ඇති අතර , අදාළ ස්ථානයේ පාර්සලයක් තුළ මෙම සිරුරු සොයාගෙන තිබේ.

මෙම බිළිඳු මළ සිරුරු දෙක හඳුනා ගෙන නොමැති බැවින් දින 14 කින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත්තුමිය විසින් නියෝග කර ඇත.

මෘත දේහයන් නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට නියෝග කර ඇති අතර , නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

පළාත් පාලන ඡන්දය ගැන සමගි ජනබලවේගය තීරණයක් ගනී 

Editor O

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණුු නිකුත් කරයි

Editor O

ළමයින්ට කොරෝනා එන්නත් : තීරණය අද

Mohamed Dilsad

Leave a Comment