දේශීය

වැල්ලේ සුරංගගේ ඥාතියෙකු අයිස් සමඟ අත්අඩංගුවට

(UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සුරංග නැමැත්තාගේ ඥාතියෙකු මට්ටකුලිය – සමිට්පුර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එම අවස්ථාවේදී 44 හැවිරිදි සිරිවර්ධන ආරච්චිගේ සමන් නැමති මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ සැකකරු 2005 වසරේදී යුද හමුදාවෙන් ඉවත් වී ඇති අතර පසුව වැල්ලේ සුරංගට ගිනි අවි සම්බන්ධ සිදුකරන අපරාධ සඳහා උපදෙස් ලබාදී ඇති බවයි.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 215ක් සැකකරු සතුව තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

Related posts

ගුරු සහ විදුහල්පතිවරු අද (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩ

Editor O

වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් දිව්රුම් දෙයි.

Editor O

තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ

Mohamed Dilsad

Leave a Comment