දේශීය

උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි

(UTV| කොළඹ) –  රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ලබන සඳුදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිළදී ගැනීමේ ගණුදෙනුවේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව මොහුව අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇඟයීම අරඹන දිනය මෙන්න

Editor O

මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණන 21,000ට රජයෙන් මාසයකට රුපියල් 15,000 ක්

Mohamed Dilsad

උපාධිධාරී පත්වීම් ලිපි බෙදා හැරීමට අද විශේෂ තැපැල් බෙදීම් දිනයක් කෙරේ

Mohamed Dilsad

Leave a Comment