දේශීය

කුවේටයේ වද හිංසනයට ලක්වූ 46 ක් යළිත් දිවයිනට

(UTV | කොළඹ) –  කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැරවලට මුහුණදුන් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද (14) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත නැවත එවා තිබුණි.

මේ අතරින් අනුරාධපුරය සහ පොළොන්නරුව ප්‍රදේශවල වැඩි පිරිසක් පදිංචිකරුවන් වෙයි.

මෙම පිරිස එරට සේවයේ යෙදී සිටින විට ගෘහ හිමියන්ගෙන් සිදුවන හිරිහැර , කරදර තවදුරටත් ඉවසා ගෙන සිටීමට නොහැකි විට , ඔවුන් එම නිවෙස්වලින් පැන යමින් සිටියදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන අදාළ බළධාරීන් දැනුවත් කර තිබේ.

මේ අතරින් 13 දෙනෙකු කුවේටයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වෙයි.

ඉතිරි 33 දෙනා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ” සුරක්ෂා” රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි අය වෙයි.

ඔවුන් විසින්ම ලබා ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර මඟින් සහ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙම මෙම ගෘහ සේවිකාවන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

Related posts

රාජිත අධිකරණයට පැමිණේ

Editor O

රැකියා විරහිත උපාධිධාරීන්ගේ නාම ලේඛනය මාර්තු 11 වැනිදා අන්තර්ජාලයට

Mohamed Dilsad

විශේෂ පොලිස් මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment