දේශීය

රටවල් 48කට ලබාදුන් නිදහස් වීසා කාලය තවත් දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරයෙන් පසු රටවල් 48 කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම නිදහස් වීසා පහසුකම පෙබරවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වනදා දක්වා දීර්ඝ කළ බවයි.

ඒ මාස 6 ක කාලයක් සඳහා වන අතර ජනවාරි 31 වනදායින් එය අවසන් වීමට නියමිතව තිබුණා.

මෙලෙස නිදහස් වීසා ලබාදීම දීර්ඝ කර ඇත්තේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය සහ ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් 48 කට වෙයි.

 

Related posts

ඇමෙරිකාවෙන්, චීනයට සියයට 104%ක තීරුබද්දක්.

Editor O

කතානායකට කොවිඩ්

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් අසූ දහසක්

Editor O

Leave a Comment