කලා

Parasait හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනී

(UTV | කොළඹ) – හොලිවුඩ් සිනමාවේ දැවැන්ත සම්මාන රාත්‍රිය වන ඇකඩමි අවොර්ඩ්ස් නැතිනම් OSCAR සම්මාන උළෙල ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර පැවතුණි.

මෙවර සම්මාන උළෙල සුවිශේෂ වන්නේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය සඳහා පිරිනැමුණු සම්මානයන් මිට හේතු වී තිබේ.

OSCAR සම්මාන ඉතිහාසයේ පළමු වරට විදෙස් භාෂිත චිත්‍රපටයකට (Foreign Language Film) හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය මෙවර හිමිවීම විශේෂත්වයක්.ඒ දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන Bong Joon Ho අධ්‍යක්ෂණය කල පැරසයිට් (Parasait) චිත්‍රපටයයි.

එම චිත්‍රපටය සඳහා හොඳම චිත්‍රපටය, හොඳම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය යන සම්මාන හිමිවී තිබේ.

92 වැනි OSCAR සම්මාන උළලේ හොඳම චිත්‍රපටය සඳහා මෙවර චිත්‍රපට 09ක් නිර්දේශ වූ අතර එම සම්මානය දකුණු කොරියානු චිත්‍රපටයක් වන පැරසයිට් (Parasait) චිත්‍රපටය සඳහා ලැබුණි.

ඊට අමතරව Ford v Ferrari, The Irishman, Jojo Rabbit, Joker, Little Women, Marriage Story, 1917, Once Upon a Time in Hollywood යන චිත්‍රපට මේ සඳහා නිර්දේශ අතරට එක්වුනි.

Related posts

තවත් බොලිවුඩ් පෙමක් හෙළි වෙයි

Mohamed Dilsad

ඓශ්වර්යා රායි වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායි නුවර රෝහලකට

Mohamed Dilsad

No Time To Die මාස 7 කින් කල් දමයි

Mohamed Dilsad

Leave a Comment