දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික බලාගාරයක්

(UTV | කොළඹ) – මෙරට වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනෙකදී  ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට හැකි වනු ඇතැයි කොළඹ රුසියානු තානාපති යූරි මැටේරි ස්පුට්නික් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

පරිසර දූෂණයෙන් තොර බලශක්ති නිෂ්පාදනයට ශ්‍රී ලංකා රජය කැමැත්තක් දක්වන බැවින් න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කළ හැක්කේ දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් පමණක් වන බවත් ඊට අදාළ මුලික පියවර දැනටමත් ගෙන ඇති බව තානාපතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වසර 2017 දී රුසියාවේ න්‍යෂ්ටික සංස්ථාව වන රොසැටම් සහ ශ්‍රී ලාංකික රජය අතර ආරම්භ කරන ලද අන්තර් රාජ්‍ය ගිවිසුම පිළිබඳ පළමු උපදේශනය පැවැත්වූ බවද තානාපතිවරයා සඳහන් කළේය.

Related posts

ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට දීමනාවක්

Mohamed Dilsad

ගෝඨාභයගේ ජයග්‍රහණය රටේ අවශ්‍යතාවයක් [VIDEO]

Mohamed Dilsad

මිනිමැරුම් සහ ස්ති‍්‍ර දූෂණ ඉහළ යාමට සමාජ වෙබ් අඩවි ද අද ප‍්‍රධාන සාධකයක් – ජනපති

Mohamed Dilsad

Leave a Comment